රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලට සමගාමිව ක්‍රියාත්මක කරනු ලබන “සෞභාග්‍යා” සතිය වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා ඇතුලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2021 ජූලි මස 02 වන දින පෙ.ව.11.00 සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අප මණ්ඩලය වෙත සම්බන්ධීකරණ නිලධාරින් ලෙස නව පත්විම් ලබාගත් නිලධාරීන් වෙත ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා අතින් පත්වීම් ලිපි පිරිනැමූ අවස්තාව.
එහිදී “සෞභාග්‍යා” නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ත්‍රෛභාෂා ගැසට් පත්‍රය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ ආරක්ෂණ) කල්හාරි ද සිල්වා මහත්මිය අතින් ගරු ඇමතිතුමා වෙත භාරදුන් අවස්තාව.
එහිදී විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Facebook සමාජ ජාලය මඟින් ප්‍රචාරණය කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරිම.






