+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

සමාජ ආරක්ෂණයට කැප වූ කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් අගයයි
2026-09-15


රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන සේවා නියුක්තිකයින් ඉලක්කකර ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට ඉහළ දායකත්වයක් දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2026 කුරුණෑගල” උත්සවය, ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති එම්.කේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.15 වන දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
මෙහි දී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජනතාව වෙත සමාජ ආරක්ෂණ හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ දිස්ත්‍රික් ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇගයිමට ලක්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ හා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් රැසක් සම්බන්ධ විය.