+94 112 886 585 - 86 info@ssb.gov.lk සඳුදා - සිකුරාදා: පෙ.ව. 8:30 - ප.ව. 4:15 PM
Sri Lanka Social Security Board Logo

දැක්ම සහ මෙහෙවර


දැක්ම

ශ්‍රී ලංකාවේ සහභාගීත්ව සමාජ ආරක්ෂණයේ ප්‍රමුඛයා වීම

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ ශ්‍රම බලකායට එකතුවන නවකයින් සක්‍රියව ආර්ථිකයට යොමුකරමින් , සියලුම පාර්ශවකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වු කාර්යක්ෂමව හා ඵලදායීව , පාරිභෝගික අභිමුඛ , නම්‍යශිලි, සුරක්ෂිත දායක විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රම හදුන්වා දෙමින් අවිධිමත් ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයන්ගේ සමාජ ආරක්ෂණය තිරසර කිරීම

අරමුණු

  • ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන් වයේවෘද්ධ කාලයේදී හෝ ඔවුන් යම් අශක්නුතාවයයකට පත් වූ විට එම කාලයේදී ඔවුන්ට සමාජ ආරක්ෂණය සැලසීම.
  • ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මිය ගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම.
  • ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම.
  • ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම.
  • සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්‍රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම.
  • සාමාන්‍යයෙන් ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.