ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් මෙරට වෙළඳ නාවික ප්‍රජාවගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන්ම හඳුන්වා දී ඇති "නාවිකයා" සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වීමේ නවතම පහසුකම හඳුන්වා දීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය ගරු උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම ජාතික කර්තව්‍යය, 2026 ජූනි මස 25 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙළඳ නාවිකයන්ගේ දිනයට සමගාමීව එදින පෙරවරු 10.00 සිට මධ්‍යහන 12.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා (BMICH-Orchid Hall) පරිශ්‍රයේදී පැවැත්වේ.
අප මණ්ඩලයට අනුයුක්ත දීපව්‍යාප්තව සේවා නියුක්ත නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2025 නොවැම්බර් 10, 11 සහ 12 (සඳුදා, අඟහරුවාදා, බදාදා) යන දිනවල දී (නිල්ලඹ පුහුණු මධ්‍යස්ථානය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරියගල, නිල්ලඹ, පේරාදෙණිය) පවත්වන ලදී.